කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීමෙන් පසු මහජනතාව අත්විඳි අතුරු ආබාධ පිළිබඳ විමසා බැලීම
සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් මෙම සමීක්ෂණය පවත්වයි (www.ird.lk).

ප‍්‍රශ්නාවලිය සම්පූර්ණ කිරීම සඳහා උපදෙස්:

ඔබ කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගෙන ඇත්නම් පමණක් මෙම සමීක්ෂණයට සහභාගී වන්න.

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීමෙන් පසු දින හතක් ඇතුළත ඔබ අත්විදි අතුරු ආබාධ පිළිබඳ විමසා බැලීම සඳහා මෙම සමීක්ෂණය පවත්වනු ලබයි.

ඔබ විසින් ලබා දෙනු ලබන දත්ත මෙම සමීක්ෂණය සඳහා පමණක් භාවිත කරනු ලබන අතර, ඔබගේ අනන්‍යතාව රහසිගත වනු ඇත.

මෙම දත්ත විශ්ලේෂණය කර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට හා කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සමග බෙදා ගැනීමට අදහස් කරමු. එමනිසා ඔබ ලබාදෙන තොරතුරු ජාතික වශයෙන් ඉතා වැදගත් වෙයි.

මෙම සමීක්ෂණය සම්පූර්ණ කිරීමට මිනිත්තු 15-20 කට වඩා වැය නොවේ.

ඔබට පහසු භාෂාවකින් (සිංහල | ඉංග්‍රීසි | සිංහල වචන ඉංග්‍රීසි අක්ෂර යොදාගෙන - Singlish) මෙම සමීක්ෂණය සඳහා කරුණු දැක්විය හැක.

ඔබගෙන් විස්තරාත්මක තොරතුරු අපේක්‍ෂා කරනු ලබන අවස්ථාවන්හි දී එම තොරතුරු සටහන් කරන්න.

මෙම සමීක්ෂණයට ඔබගේ වටිනා කාලය වැය කිරීම පිළිබඳ ව අපගේ ස්තුතිය පුද කරන්නෙමු.

සමීක්ෂණය පිළිබඳ තොරතුරු:

පර්යේෂණ කණ්ඩායම මෙහෙය වීම: මහාචාර්ය අතුල සුමතිපාල (සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනය)

කොවිඩ්-19 වසංගත තත්ත්වය මෙරට උත්සන්නව පවතින අවස්ථාවක කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීමෙන් පසු මහජනතාව අත්විදි අතුරු ආබාධ ඉතා ඉක්මනින් විමසා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව ආචාරධර්ම කමිටුවක අනුමැතියකින් තොරව මෙම සමීක්ෂණය දියත් කරනු ලබයි.

ඔබගේ වටිනා අදහස් මෙරට COVID-19 වසංගතය පාලනයට සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල තවදුරටත් සාර්ථක කර ගැනීමට උපකාරී වනු ඇත.
Sign in to Google to save your progress. Learn more
සහභාගි වීමට කැමැත්ත ප්‍රකාශ කිරීම *
Next
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy