බස්නාහිර පළාත තුල ඉඩම් භාවිත සැලසුම්කරණය සඳහා  නාගරික කෘෂිකර්මාන්තය ඒකාබද්ධ  කිරීම පිළිබඳ  සමීක්ෂණය  
ඔබ බස්නාහිර පළාත තුල යම් දේපලක් සින්නක්කර හෝ බද්දට/ කුලියට බුක්තිවිදිමින් ජීවත් වන පුරවැසියකු නම් හෝ රාජ්‍ය/පෞද්ගලික ආයතනයක සේවා නියුක්ක්ත වන්නේනම් හෝ පූජනීය ස්ථාන හා සම්බන්ධව කටයුතු කරන අයෙකු නම්, මෙම සමීක්ෂණය සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන මෙන් කාරුණිකව ඇරයුම් කර සිටිමු.

වර්තමානය වනවිට ගෝලීය අර්බුධයක් ව පවතින කොවිඩ්-19 වසංගත තත්වය හා මෙන්ම කාලගුණික හා දේශගුණික විපර්යාස හේතු කොටගෙන සමස්ත ගෝලීය ආහාර සැපයුම දුර්වල වීමේ අවදානමකට පත්ව ඇත. මෙම තත්වය තුළ, බස්නාහිර පළාත සඳහා ඉඩම් භාවිත සැලසුම්කරණය තුළ නාගරික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කළ හැකි ආකාරය පිළිබඳව අපි විමර්ශනය කරමින් සිටිමු.

එම නිසාවෙන්, ඔබගේ නිවාස, පාසල, විශ්වවිද්‍යාලය, කාර්යාලය , ව්‍යාපාර ස්ථානය , පූජනීය ස්ථානය, හෝ භාවිතයට නොගන්නා අනෙකුත් හිස් ඉඩම් ආදියෙහි යම් අමතර ඉඩ ප්‍රමාණයක් හා හිස් අවකාශයන් උපයෝගී කරගනිමින් සුළු වශයෙන් හෝ කෘෂිකර්මාන්ත කටයුතු වල  ඔබ නියැලී සිටිනම් හෝ නියැලීමට බලාපොරොත්තු වෙන්නේනම් ඒ  පිළිබඳව  ඔබගේ අත්දැකීම්, අදහස් හා යෝජනා  දැන ගැනීමට අපි කැමැත්තෙන් සිටිමු .
 
මෙම සමීක්ෂණය නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, දේපළ කළමනාකරණ හා තක්සේරු විද්‍යා අධ්‍යයනාංශයේ දේපළ කළමනාකරණ පර්යේෂණ මධ්‍යස්ථානයෙහි (CRES) සහයෝගීත්වයෙන් සිදුකරනු ලබන සමීක්ෂණයක්  වන අතර,
 
1. මෙම ප්‍රශ්නාවලිය සම්පුර්ණ කිරීම සඳහා මිනිත්තු 05-10 ක කාලයක් ගතවිය හැකිය,
2. COVID-19 වසංගත තත්වය පැවතීම හේතුවෙන්, අප විසින් දැනට තොරතුරු  එක්රැස් කරනු ලබන්නේ මෙම මංගත (online) ගූගල් පෝරමය හරහා පමණක් වන අතර ශ්‍රී ලංකාව නැවත යථා තත්වයට පත් වූ පසු, අනෙකුත් ක්‍රම මඟින්ද (උදා: අදාළ නිලධාරීන් ද සහාය ඇතිව නිවාස සංචාර මගින්) දත්ත එක්රැස් කිරීමට බලාපොරොත්තු වෙමු.
3. ප්‍රතිචාර භාර ගැනීම සඳහා අප විසින් ප්‍රශ්නාවලිය මංගත ක්‍රමය (online) ඔස්සේ 2020.07.30 දින දක්වා විවෘතව පවත්වාගනු ලබයි
4. එක්රැස් කරනු ලබන සියලුම දත්ත හා තොරතුරු නිර්නාමික වන අතර සමීක්ෂණ ප්‍රථිපල සමස්ත මට්ටමින් ප්‍රකාශයට පත් කරන බැවින් ඔබගේ පෞද්ගලික තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කරනු ඇත.
5. ඔබ විසින් සපයනු ලබන තොරතුරු බස්නාහිර පළාතේ ඉඩම් භාවිත සැලසුම් සම්පාදනය සදහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බැවින්, ප්‍රශ්නාවලියේ අදාල සියලු කොටස් ඉතා සැලකිලිමත්ව සම්පුර්ණ කර නිවැරදි තොරතුරු අප වෙත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ඔබට මෙම සමික්ෂනය  පිළිබඳව වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් පහත ලිපිනය, දුරකථන අංක, හෝ විද්‍යුත් තැපෑල හරහා ලබාගත හැක.

අධ්‍යක්ෂක,
දේපළ කළමනාකරණ පර්යේෂණ මධ්‍යස්ථානය (CRES),
දේපළ කළමනාකරණ අධ්‍යයන හා තක්සේරු විද්‍යා අධ්‍යයනාංශය,
කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ශ්‍රී ලංකාව.

දුරකථන: +94112802004 (කාර්යාලය)
 
විද්‍යුත් තැපෑල: cres@sjp.ac.lk

登录 Google 即可保存进度。了解详情
Untitled Title
下一页
清除表单内容
切勿通过 Google 表单提交密码。
此内容不是由 Google 所创建,Google 不对其作任何担保。 举报滥用行为 - 服务条款 - 隐私权政策