COVID-19 ආසාදනයෙන් සිදු වූ මරණ පිළිබඳ විශ්ලේෂණය (වැඩිදුර සොයා බැලීම)

සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් මෙම සමීක්ෂණය පවත්වයි (www.ird.lk).

මේ වන විට මෙරට තුල COVID-19 රෝගී තත්ත්ව නිසා ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 9000 ඉක්මවා ඇත.

වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනුව මේ දක්වා නිවෙස් තුළ මියගොස් ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,094 කි. එමෙන් ම රෝහල්ගත කරන අතරතුර මිය ගිය සංඛ්‍යාව 493ක් බව එම ඒකකය අනාවරණය කරයි.

එම නිසා මෙම බරපතල ගැටලුව පිළිබඳ වැඩිපුර කරුණු සොයා බැලීම සඳහා අපි මෙම සමීක්ෂණය දියත් කරමු.

ඔබ දන්නා කවුරුන් හෝ COVID-19 ආසාදිතව මිය ගොස් ඇත්නම් මෙම සමීක්ෂණයට දායක විය හැක. එක් අයෙකුට වඩා ඔබ දන්නේ නම් සෑම අයෙකුටම වෙන වෙනම තොරතුරු ලබා දීමට කාරුණික වන්න.

මෙම සමීක්ෂණයෙන් COVID-19 නිසා දිවි අහිමි වූ පවුල් වලට ඍජු ප්‍රතිලාබයක් නොමැති වුවත් මින් ඉදිරියට වළක්වා ගත හැකි මරණ ගණන අවම කර ගැනීමට මෙය ඉතාමත් වැදගත් පියවරකි.

ඔබ විසින් ලබා දෙනු ලබන දත්ත මෙම සමීක්ෂණය සඳහා පමණක් භාවිත කරනු ලබන අතර, ඔබගේ අනන්‍යතාව රහසිගත වනු ඇත.

මෙම දත්ත විශ්ලේෂණය කර ලබා ගන්නා ප්‍රථිඵල, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා COVID-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සමග බෙදා ගැනීමට කටයුතු කරනු ලබන්නේ ඉහත කාරණයට නිසි පිළියම් ගැනීම සඳහාය.

එමනිසා ඔබ ලබාදෙන තොරතුරු ජාතික වශයෙන් ඉතා වැදගත් වෙයි.

මෙම සමීක්ෂණය සම්පූර්ණ කිරීමට මිනිත්තු 15-20 කට වඩා වැය නොවේ.

ඔබ ලබා දෙන තොරතුරු මෙරට COVID-19 වසංගතය පාලනයට සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල තවදුරටත් සාර්ථක කර ගැනීමට උපකාරී වනු ඇත.

පර්යේෂණ කණ්ඩායම මෙහෙය වීම: මහාචාර්ය අතුල සුමතිපාල (සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනය)

වසංගත රෝග හෝ හදිසි / ව්‍යසනකාරී අවස්ථා වලදී මහජන සෞඛ්‍ය සේවාවන් වඩා සක්‍රීයව හා කාලානුරූපීව පවත්වාගෙන යාමට කෙටි කාලයක් තුල මහජනතාවගේ අදහස් විමසා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මෙවැනි සමීක්ෂණ දියත්කරනු ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව මෙවැනි සමීක්ෂණ සඳහා ආචාරධර්ම කමිටුවක අනුමැතිය අවශ්‍ය නොවේ.

ඔබට පහසු භාෂාවකින් (සිංහල | ඉංග්‍රීසි | සිංහල වචන ඉංග්‍රීසි අක්ෂර යොදාගෙන - Singlish) මෙම සමීක්ෂණය සඳහා කරුණු දැක්විය හැක.

මෙම සමීක්ෂණයට ඔබගේ වටිනා කාලය වැය කිරීම පිළිබඳ ව අපගේ ස්තුතිය පුද කරන්නෙමු.
Sign in to Google to save your progress. Learn more
සහභාගි වීමට කැමැත්ත ප්‍රකාශ කිරීම *
Next
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy