කථික දක්‍ෂතා අගැයීම - 2019 - 2020
මෙම අයදුම්පත 2020 පෙබරවාරි මස 18 වැනිදා, අඟහරුවාදා රාත්‍රී 12:00 යින් අවසන් වී ඇත.

දයාබර දෙමව්පියන් වෙත,

2019-2020 කථික දක්ෂතා අගැයීම - උපදෙස් මාලාව

දහම් පාසලේ අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ කථන කුසලතාවය වැඩි දියුණු කිරීම පිණිස විවිධ මාතෘකා ඔස්සේ කථික දක්ෂතා ඇගයීමක් පැවත් වීමට දහම් පාසැල විසින් සැලසුම් කර ඇත. 2020 මාර්තු මස 06 සහ 13 යන දිනයන්හිදී දහම්පාසල් කාලය තුල ඒ ඒ වසර සඳහා අගැයීම් පවත්වනු ලැබේ.

මෙම අගැයීම සඳහා ඉදිරිපත්වන දරුවන්ට දහම් පාසලේ ගුරුවරුන් යටතේ විශේෂ පුහුණුවක් ලැබීමේ අවස්ථාවද හිමිවනු ඇත. මේ සඳහා වැඩමුළුවක් 2020 පෙබරවාරි 21 දා පැවැත්වේ. 4-8 දක්වා පන්තිවල සිසු සිසුවියන් සඳහා 12:00 සිට 12:45 දක්වාද, 1-3 දක්වා පන්තිවල සිසු සිසුවියන් සඳහා සවස 4:30 සිට 5:00 දක්වාද මෙම වැඩමුළු පැවැත්වේ.

දක්ෂතා අගැයීම සදහා අදාළ මාතෘකා පහතින් සඳහන් කොට ඇති අතර එයින් එක් මාතෘකාවක් තෝරා ගෙන ඒ අනුව කථනය ඉදිරිපත් කල යුතුය.

පළමු වසර, දෙවන වසර සහ තුන්වන වසර දූ දරුවන් සඳහා මාතෘකා:
1.ලෝකෙන් උතුම් රට ලංකාවයි
2. අපේ මුතුන් මිත්තන් ලොවට දුන් තාක්ෂණික දායාදයන්
3.මම ආදර්ශමත් දරුවෙක් වෙමි

හතර වසර සිට අට වසර දූ දරුවන් සඳහා මාතෘකා:
1.අධ්‍යාපනය සමග දියුණුවිය යුතු ආධ්‍යාත්මික වටිනාකම්
2.පුරාණ ශ්‍රී ලංකාවේ විශ්මිත ඉංජිනේරු නිර්මාණ
3.ශ්‍රී ලාංකික ඉතිහාසයේ ස්වර්ණමය යුගය


උපදෙස් මාලාව:
1. ඒ ඒ වසර සදහා අදාළ මාතෘකා අතරින් ඕනෑම මාතෘකාවක් යටතේ කතා කිරිමට දරුවා සුදානම්ව සිටිය යුතු වේ.
2. විනාඩි 3ක කාලයක් තුල මාතෘකාවට අදාලව අර්ථවත් ලෙස කථනය ඉදිරිපත් කලයුතුය.
3. අයදුම්පත්‍රය නිසිපරිදි ඉදිරිපත් නොකළ දරුවන් සඳහා මෙම ඇගයීමට සහභාගී වීමට අවසර දෙනු නොලැබේ.
4. දහම්පාසල විසින් පත්කරනු ලබන විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම අගැයීම කරනු අතර විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වනු ඇත.

වැඩි විස්තර සඳහා ලක්නා නැන්දා 050 7084499 හෝ ලසිතා නැන්දා 056 388 9126 අමතන්න.

තෙරුවන් සරණයි

සංවිධායක කමිටුව
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy