COVID-19 ආසාදිත එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් කළමනාකරණය පිළිබඳ ඔබේ මතය
සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් මෙම සමීක්ෂණය පවත්වයි (www.ird.lk).

COVID-19 ආසාදනය වී ඇති බවට (PCR / Rapid Antigen Test) මගින් තහවුරු වී ඇති, එහෙත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන කෙනෙකුට දින 14 කාලයක් අන් අයගෙන් වෙන් ව සිටීම සඳහා වඩාත් සුදුසු ස්ථානය, ලැබිය යුතු සෞඛ්‍ය අධීක්ෂණය හා වෙනත් සේවා පිළිබඳ ඔබ දරන මතය හඳුනා ගැනීම මෙම සමීක්ෂණයේ ප්‍රධාන අරමුණයි.

ඔබ දැනට COVID-19 කිසිදා ආසාදනය වී නොමැති කෙනෙක් විය හැක. ඔබේ අදහස් / යෝජනා අපට ඉතා වැදගත් ය.

එමෙන් ම ඔබ මේ වන විට COVID-19 ආසාදනය වී සුව වූ (රෝග ලක්ෂණ සහිත වූ හෝ රෝග ලක්ෂණ නොමැතිව) කෙනෙක් විය හැක. එසේ නම් ඔබගේ ඍජු අත්දැකීම් අපට අතිශයෙන් ම වැදගත් ය.

මෙම අධ්‍යයනයේ පළමු පියවර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පවත්වන ලදී. මේ වන විට මෙරට COVID-19 තුන්වන ආසාදන රැල්ලක් පවතින අතර මෙම දෙවන සමීක්ෂණ අදියර මගින් ඔබ දැනට දරන අදහස් විමසීමට අපි බලාපොරොත්තු වෙමු.

ඔබ විසින් ලබා දෙනු ලබන දත්ත මෙම සමීක්ෂණය සඳහා පමණක් භාවිත කරනු ලබන අතර, ඔබගේ අනන්‍යතාව රහසිගත වනු ඇත.

මෙම දත්ත විශ්ලේෂණය කර ලබා ගන්නා ප්‍රථිඵල, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සමග බෙදා ගැනීමට අදහස් කරමු. එමනිසා ඔබ ලබාදෙන තොරතුරු ජාතික වශයෙන් ඉතා වැදගත් වෙයි.

ඔබගේ වටිනා අදහස් මෙරට COVID-19 වසංගතය පාලනයට සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල තවදුරටත් සාර්ථක කර ගැනීමට උපකාරී වනු ඇත.

පර්යේෂණ කණ්ඩායම මෙහෙය වීම: මහාචාර්ය අතුල සුමතිපාල (සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනය)

වසංගත රෝග හෝ හදිසි / ව්‍යසනකාරී අවස්ථා වලදී මහජන සෞඛ්‍ය සේවාවන් වඩා සක්‍රීයව හා කාලානුරූපීව පවත්වාගෙන යාමට කෙටි කාලයක් තුල මහජනතාවගේ අදහස් විමසා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මෙවැනි සමීක්ෂණ දියත්කරනු ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව මෙවැනි සමීක්ෂණ සඳහා ආචාරධර්ම කමිටුවක අනුමැතිය අවශ්‍ය නොවේ.

ප‍්‍රශ්නාවලිය සම්පූර්ණ කිරීම සඳහා උපදෙස්:

මෙම සමීක්ෂණය සම්පූර්ණ කිරීමට මිනිත්තු 15-20 කට වඩා වැය නොවේ.

ඔබට පහසු භාෂාවකින් (සිංහල | ඉංග්‍රීසි | සිංහල වචන ඉංග්‍රීසි අක්ෂර යොදාගෙන - Singlish) මෙම සමීක්ෂණය සඳහා කරුණු දැක්විය හැක.

මෙම සමීක්ෂණයට ඔබගේ වටිනා කාලය වැය කිරීම පිළිබඳ ව අපගේ ස්තුතිය පුද කරන්නෙමු.
In Google anmelden, um den Fortschritt zu speichern. Weitere Informationen
සහභාගි වීමට කැමැත්ත ප්‍රකාශ කිරීම *
Weiter
Alle Eingaben löschen
Geben Sie niemals Passwörter über Google Formulare weiter.
Dieser Inhalt wurde nicht von Google erstellt und wird von Google auch nicht unterstützt. Missbrauch melden - Nutzungsbedingungen - Datenschutzerklärung