The teaching at the Nisala Foundation will be carried out by Acharin G. Wijenayake. All students, including the clergy, are expected to accept Acharin as their teacher and guide for the duration of the retreat, and carry out the instructions given. (Note: At no time should the clergy pay obeisance by bowing down to Acharin during or after the retreat).
නිසල පදනමේ නේවාසික භාවනා වැඩසටහන් පවත්වන කාලය තුලදී විජේනායක ආචාරීන්තුමන් විසින් භාවනා උපදේශයන් ලබා දීම සිදු කෙරේ. භාවනා වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා වැඩසටහන පැවැත්වෙන කාලය තුලදී පූජ්‍ය පක්ෂය විසින් ආචාරීන්තුමන් තම ගුරුවරයා ලෙස සලකා, ලබා දෙන උපදේශයන් පිළිපැදීම අවශ්‍ය බව කරුණාවෙන් සලකන්න.
සැ:යු: පූජ්‍ය පක්ෂය විසින් ආචාරීන් තුමන් හට කිසිදු අවස්ථාවක වැදීම සිදු නොකළ යුතු බව කරුණාවෙන් සලකන්න.
The communications with the teacher should be truthful and honest. As and when you are requested to, or whenever you choose to convey any information in relation to your practice of meditation, the participant need to strive to be as accurate as possible in conveying this information.
The four-day
residential retreat at Nisala is an intensive program. The teaching during the retreat
would be conveyed by Acharin in a simple and direct manner, though by and large
using several non-mainstream methods of guidance. As a result the participants
will usually see a rapid growth in their understanding and realization. However
the path of spiritual awakening is not based on mere belief. Therefore the
participants are encouraged to approach the teaching with intelligence and an
open mind; and to clarify any aspect of the teaching that is unclear through
dialogue and inquiry with the teacher.
ගුරුවරයා සමඟ කරන සන්නිවේදනයේදී අවංක හා අව්‍යාජ විය යුතු වේ. භාවනා අත්දැකීම් ඔබ ගුරුවරයා හට විස්තර කරන සෑම විටම ඒ පිළිබඳව සත්‍ය කතා කල යුතුවේ. භාවනා අත්දැකීම් වැඩි කොට හෝ අඩු කොට ප්‍රකාශ නොකොට හැකිතාක් නිවැරදිව ප්‍රකාශ කිරීම කල යුතු බවද කරුණාවෙන් සලකන්න.
දින හතරේ භාවනා වැඩසටහනක් බොහෝ යෙදවීමක් සහිත එකකි. ආචාර්යවරයා විරල ක්‍රමවේදයන් හා කුසලතාවයන් උපයෝගී කරගනිමින් සරලව භාවනාව උගැන්වීම සිදුකරයි. එමගින් භාවනායෝගීන්ගේ ප්‍රතිපදාවේ සීග්‍ර දියුණුවක් අත්දැකිය හැක. භාවනාව හුදෙක් විශ්වාසය මත පමණක් පදනම් වී නැත. එම නිසා වැඩසටහනට සහභාගී වන යෝගීන් විවෘත හා සංවේදී මනසකින් හා බුද්ධිමත්ව එකී භාවනා අත්දැකීම් හා උගැන්වීම් පිළිගැනීම යෝග්‍ය බව ආචාරීන්තුමන්ගේ උපදේශනයයි.
තමන්ට භාවනාව සම්බන්ධයෙන් අපැහැදිලි තැන් ප්‍රශ්න ඇසීම තුලින් නිරාකරණය කර ගැනීම සුදුසු බව ආචාරීන්තුමන් විසින් පෙන්වාදී ඇති බව කරුණාවෙන් සලකන්න.