ජීව වායු පද්ධතිවල ගැටළු විසඳීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම
LPG අර්බුදයට විසඳුමක් නුදුරු අනාගතයේ බලාපොරොත්තුවිය නොහැක. මෙම ගැටළුව සඳහා විසඳුම් සෙවීමට හැකි සෑම ආකාරයකින්ම දායක වීම කාලීන අවශ්‍යතාවයකි. මේ වෙනුවෙන් දැනට දියත් කර ඇති විවිධ උත්සාහයන් සැලකිල්ලට ගනිමින්, LPG වෙනුවට වඩාත් තිරසාර භාවිතයක් ලෙස ජීවවායුව කාර්යක්ෂමව යොදාගැනීම සඳහා අවශ්‍ය පිටිවහල ලබාදීම ජාතික විද්‍යා පදනමේ අරමුණයි. ජාතික කර්තව්‍යයක් ලෙස මේ සඳහා අවශ්‍ය සබඳතා වැඩිදියුණු කීරීම සහ හැකියාවන් ප්‍රවර්ධනය සඳහා ඉදිරි වැඩ කටයුතු රාශියක් අප විසින් සැලසුම් කර ඇත. රාජ්‍ය ආයතනයක් ලෙස, මෙම ක්ෂේත්‍රයේ කාර්යයේ නියුතු සියළුම දෙනා හට මෙරටට වඩාත් ඉහළ සේවාවක් ලබාදීමට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා, ඔවුන් සියළු දෙනාටම මෙම කෙටි සමීක්ෂණයට සහභාගී වන ලෙස ආරාධනා කර සිටිමු.
මෙම කෙටි සමීක්ෂණය මඟින්,
1. ජීවවායු ඒකක වාණිජමය වශයෙන් නිශ්පාදනයේ නියැලෙන ආයතන/පුද්ගලයන් පිළිබඳව තොරතුරු රැස් කිරීම.
2. ජීවවායු ඒකක මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමේදී සහ එම ඒකකවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වාණිජමය නිෂ්පාදකයින් විසින් මුහුණ දෙන ගැටළු හඳුනා ගැනීම.
3. එම නිෂ්පාදකයන්, ජාතික විද්‍යා පදනම මඟින් හෝ වෙනත් රාජ්‍ය ආයතන හරහා බලාපොරොත්තුවන සේවා සහ පහසුකම් මොනවද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම අරමුණු කෙරේ
කරුණාකර පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ඔබ විසින් සපයනු ලබන සියලුම තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කරන බවට අපි සහතික වෙමු.
ස්තූතියි!